එක්සත් ජනපද සහ ශ්රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර දෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී
ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් සහ ශ්රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ දෙවන මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (16) සහ අද (17) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව, ශ්රී ලංකා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ කපිතාන් බ්රයන් ඇන්ඩ්රසන් මහතා ප්රමුඛ නිලධාරී මඩුල්ලක් සහ ශ්රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
මෙහිදී, දෙරටේ නාවික හමුදාවන් අතර පවතින සම්බන්ධතාවයන් වර්ධනය කර ගැනීම සඳහා මෙම මාණ්ඩලික සාකච්ඡාවේ ඇති වැදගත්කම පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදී. තවද, කපිතාන් බ්රයන් ඇන්ඩ්රසන් මහතා අදහස් දක්වමින් ප්රකාශ කර සිටියේ ද්විපාර්ශවික සහයෝගීතාවය, පුහුණු කටයුතු සඳහා සහභාගී වීම් සහ වරාය සංචාරයන් පැවැත්වීම පිළිබදව ඔවුන් සෑහීමට පත්වූ බවයි.






