ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්ර නෞකාවන් ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශණය සඳහා සහභාගී වෙයි
ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්ර නෞකාවන් ඊයේ (17) සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනය සඳහා සහභාගී විය. එහිදී ලෝකයේ විවිධ රටවල නාවික නෞකාවන්හි පවතින ආරක්ෂක උපක්‍රම, නවීන අවි ආයුධ, රේඩාර් පද්ධති, සහ ඒවායේ යුද ශක්ති විදහා දැක්වීම වැනි කරුණු පාදක කර ගනිමින් එම ප්‍රදර්ශණය පවත්වා ඇත.
තවද, එදින සන්ධ්‍යාවේ ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ දී විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දැක්වෙන ආකාරයේ සංස්කෘතික අංග රැසකින් වර්ණවත් වූ එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අතිගරු නිමල් වීරරත්න මහතා සහභාගී විය. තවද, විදේශීය තානාපතිවරුන්, ප්‍රභූ පුද්ගලයින්, විදෙස් නාවික හමුදාවන්හි නාවික හමුදාධිපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, සම්භාවනීය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.














