නාවිකයන් හට නිවාස පරිත්‍යාග කිරීම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
නිවාස නොමැති නාවිකයන් දෙදෙනෙකු හට නිවාස ලබා දීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණි. ඒ අනුව, ගාල්ල, මාගාල්ල ප්‍රදේශයේ පදිංචි සමූහ ප්‍රධාන සුළු නිලධාරී ඒජීසී ලසන්ත සහ ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේ පදිංචි බල නාවික ජීපීඑල්පී කුමාර යන අයට මෙම නිවාස හිමි විය. ඔවුන් හට ඉඩම් පමණක් හිමිව තිබූ නමුත්, නිවසක් නොමැති වීම නිසා එම නිවාස ඉදිකර දීමට නාවික හමුදාව ඉදිරිපත් වී ඇත.
මෙම නිවාස, ආබාධිත තත්ත්වයන්, දරුවන්ගේ රෝගාබාධ මෙන්ම ආර්ථික අපහසුතා ඇති නාවික පුද්ගලයන් උදෙසා නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද අතර, එය නාවික හමුදාධිපතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. මෙය නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස සඳහන් කළ හැක.
සමූහ ප්‍රධාන සුළු නිලධාරී ලසන්ත ජ්‍යෙෂ්ඨ නාවිකයා හට ලබා දුන් නිවාසය සඳහා සොෆ්ට්ලොජික් පුද්ගලික සමාගම විසින් මූල්‍ය දායකත්වය ලබා දී ඇති අතර, බල නාවික කුමාර හට ලබා දුන් නිවස සඳහා නාවික හමුදා සුභ සාධක අංශය මගින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත. මෙම නිවාස දෙකම නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නාවික පුද්ගලයින් විසින් ඉදිකර ඇත.
මෙවන් මහඟු කර්තව්‍යයක් සිදු කිරීම සම්බන්ධයෙන් එම නාවිකයන් දෙදෙනා සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් නාවික හමුදාධිපතිතුමා ඇතුළු සමස්ථ නාවික හමුදාවටත් සොෆ්ට්ලොජික් ආයතනයේ සියළුම සාමාජික සාමාජිකාවන් හටත් සිය කෘතඥතාවය පුද කරන ලදී.
සමූහ ප්‍රධාන සුළු නිලධාරී ඒජීසී ලසන්ත හට නව නිවාසය ලබා දීම











බල නාවික ජීපීඑල්පී කුමාර හට නව නිවාසය ලබා දීම












