නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) වෙඩිතලතිව් මුහුදු ප්රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් කුඩා යාත්රා (වල්ලම්) 2 ක් සහ තහනම් දැල් 7 ක්ද අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයා, යාත්රා සහ තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කරන ලදී.


