ඉන්දියානු නාවික හමුදාවේ ‘සුමේධා’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු ප්‍රදේශ මුර සංචාරක අධි තාක්ෂණික නෞකාවක් වන ‘සුමේධා’ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා අද (21) කොළඹ වරායට සේන්දු විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
මෙම මස 24 වන දින දක්වා එම නෞකාව ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පුහුණු නාවික අභ්‍යාසයන්, සංස්කෘතික අංගයන් විදහා දැක්වෙන වැඩසටහන් සහ සුහද ක්‍රීඩා තරඟාවලි මෙන්ම තවත් වැඩසටහන් රාශියක් ඔවුන් වෙනුවෙන් සංවිධානය කර ඇත. තවද, එම කාල සීමාව තුළදී නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සුහද පිළිසදරක නිරත වීමට ද නියමිතව ඇත.
තවද, පසුගිය වර්ෂයේ (2016) මෙවැනි නිල සංචාරයන් සඳහා විදේශීය නාවික හමුදාවන්ට හා වෙරළාරක්ෂක බලකායන්ට අයත් නෞකාවන් 57 ක් සහ මෙම වර්ෂය (2017) තුළදී, මේ දක්වා නෞකාවන් 20 ක්ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.





