පාකිස්තානු ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් අද (22) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එම නියෝජිතයින් පිරිසට පාකිස්තානයේ, කරච්චි නැව් තඨාකංගණ කළමණාකරන අධ්‍යක්ෂක සහ ඉංජිනේරු ක්‍රියාකාරකම්, රියර් අද්මිරාල් සයිඩ් හසන් නසීර් සාහ් මහතා, කපිතාන් එම් ජහන්සීබ් අහ්සාන් මහතා, කපිතාන් හම්මාඩ් අහමඩ් මහතා සහ ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) පීඑන් එසාම් මහතා ඇතුළත් විය.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් (ඉංජිනේරු) රෝහිත ප්‍රේමසිරි මහතා ද එක් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කරච්චි නැව් තඨාකංගණයේ ඇති පහසුකම් සහ එහි ඉංජිනේරු ක්‍රියාකාරකම් පිළිබදව ඔවුන් වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී. එමෙන්ම, අන්‍යේන්‍ය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ද ඔවුන් එහිදී සුහද පිළිසදරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





