කැනේඩියානු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
කැනේඩියානු රාජකීය නාවික හමුදාවේ සාගරික ආරක්ෂක සේවා සහ ශාන්තිකර කලාපීය ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ ආඥාපති, රියර් අද්මිරාල් ඒආර්ටී මැක්ඩොනල්ඩ් මහතා සහ පසුගිය 20 වන දින කොළඹ වරායට පැමිණි කැනේඩියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ජේජේ හචින්සන් මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී එම නිලධාරීන් නාවික හමුදාධිපතිතුමා සමග සුහද පිළිසදරක නිරත වූ අතර, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කීපයක් සම්බන්ධයෙන්ද ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලදී. එම අවස්ථාව සඳහා නාවික සහායක, කපිතාන් රොහාන් ජෝසෆ් මහතා සහ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් මාර්කා දුසාල්ට් මහතා ද සහභාගී විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.






