නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (23) මුන්දම්පිඩ්ඩි වෙරළ තීරයේ කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ඩිංගි යාත්රාවක්, පිටත දහන යන්ත්රයක්, තහනම් මාළු දැලක් සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 10 ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
