ප්‍රථම නාවික හෙද පුහුණු පාඨමාලාවේ හෙද හිස්වැසුම් පැළඳවීම
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට පවත්වන ලද හෙද හිස්වැසුම් පැළඳවීමේ උත්සවය අද (24) දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය අංශයට අනුබද්ධව 2015 නොවැම්බර් මස 13 වන දින මෙම පාඨමාලාව ලියාපදිංචිකර ආරම්භ කරන ලදි. නාවික හමුදා ප්‍රථම පාඨමාලාව වන මෙහි, පිරිමි හෙද නිලධාරින් 28 ක් සහ කාන්තා හෙද නිලධාරියන් 07 දෙනෙකු හෙද ඩිප්ලෝමාව හදාරන ලදි.
මෙම නාවික හෙද නිලධාරින් සියලු දෙනාම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයට අදාළ විෂ්‍ය නිර්දේශයකට හා අධීක්ෂණයන්ට යටත්ව වැලිසර නාවික රෝහලේ දී සියළු පුහුණු කටයුතු වල නිරත විය.
මෙහිදී ප්‍රධාන විෂයධාරා 09 ක් යටතේ විශේෂ දක්ෂතා දැක්වූ නාවික හෙද/හෙදියන් 06 දෙනෙකු සඳහා ත්‍යාග හා පදක්කම් ප්‍රදානයක් නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ඩීසී ගුණවර්ධන මහතා විසින් සිදු කෙරුණි.
හෙද මූලධර්ම |
කාන්තා වෛද්‍ය සහයක |
කේඩීටී සෙව්වන්දි |
ව්යවඡදය හා භෞතවේදය |
|
|
සන්නිවේදන කුසලතාවය |
නායක කාන්තා වෛද්‍ය සහයක |
ආර්එස්එස්එන් මීගොල්ල |
ව්‍යවහරිත මනෝ සාමාජීය විද්‍යා 1 |
කාන්තා වෛද්‍ය සහයක |
කේඩිඑම්ඩි කුමාරි |
මූලික ජෛව රසායනය |
කාන්තා වෛද්‍ය සහයක |
ජිසිඑන් ද සිල්වා |
තොරතුරු තාක්ෂණය |
වෛද්‍ය සහායක 1 |
ඩබ්පීඑස්පී වික්‍රමසිංහ |
ඉංග්‍රීසි භාෂා කුසලතාවය |
වෛද්‍ය සහායක 1 |
පීඒ මධුශංක |
මෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති අධ්‍යයන මහාචාර්ය එම්එච්ජේ ආරියරත්න මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතා සහ සමසෞඛ්‍ය පීඨාධිපති ලුතිනන් කර්නල් බාලසූරිය මහතා, නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් මේ සඳහා සහභාගි විය.











