නාවික හමුදාව විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වයි
ගංවතුරින් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් අද (30) මාතර, පිටබැද්දර ප්‍රදේශයේ ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ දී විශේෂ වෛද්‍ය සායනයක් පවත්වන ලදී. එම වෛද්‍ය සායනය මගින් ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස්, වෛද්‍ය ප්‍රථිකාර, ඖෂධ වර්ග ඇතුළු වෛද්‍ය පහසුකම් රැසක් සළසා දීමට නාවික හමුදා වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් කටයුතු කර ඇත.
මේ වන විට නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ මෙහෙයුම් වලට අමතරව, මේ වන විට මාතර, ගාල්ල, කළුතර සහ රත්නපුර යන ප්‍රදේශයන්හි ආපදාවට ලක් වූ පුද්ගලයින් 1405 දෙනෙකුට අධික පිරිසකට වෛද්‍ය පහසුකම් ලබා දීමට නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් කටයුතු කර ඇත.
මෙම මහඟු කර්තව්‍ය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මත ක්‍රියාත්මක කරන ලදී.






