අයහපත් කාලගුණයෙන් පීඩා විදි ජනතාව වෙනුවෙන් නාවික හමුදා මානුෂීය මෙහෙවර තවදුරටත්
පසුගිය දින කීපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ජනතාව වෙනුවෙන් නාවික හමුදාව තවදුරටත් සහන සළසමින් සිටී. ඒ අනුව ආපදාවන්ගෙන් මුදවා ගැනීම, ඔවුන් අරක්ෂිත ස්ථානයන් කරා රැගෙන යාම, ඔවුන්ට අවශ්‍ය ආහාර සළාක ලබා දීම, වෛද්‍ය කඳවුරු පැවැත්වීම ඇතුළු අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සේවාවන් රාශියක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරමින් සිටී.
ගංවතුර සහ නාය යෑම් අවදානම පහව ගියද තව දුරටත් සහන සේවා ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී. ඒ අනුව, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් විපතට පත් රත්නපුර, බදුරලිය සහ බද්දේගම යන ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් ජංගම ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් යොදවා ඇත. මෙම එක් ජල පිරිපහදු යන්ත්‍රයක් මගින් දිනකට ලීටර් 5000 ක ජල ධාරිතාවයක් සැපයීමට හැකි අතර, එමගින් ඔවුන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව පවතී.
එමෙන්ම, පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් මාතර, ගාල්ල, රත්නපුරය සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි පහත සඳහන් පරිදි ළිං 276 ක් නාවික සහන කණ්ඩායම් මගින් පිරිසිදු කර ඇත.
දෙනියාය |
31 |
මොරවක |
65 |
තවලම |
09 |
නෙළුව |
27 |
බුලත්සිංහල |
70 |
රත්නපුර |
26 |
කළුතර |
48 |
ස්වාභාවික ව්‍යසයන් හමුවේ ආපදාවට ලක් වූ තම අසල්වාසී රාජ්‍යය වෙත සහන සැළසීමේ අරමුණින් යුතුව මෙරටට පැමිණි ඉන්දියානු සහ පාකිස්තානු නාවික හමුදාවන්ට අයත් වෛද්‍ය කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් එක්ව මාතර, උඩුගම, ගලපාත, බුලත්සිංහල, නාගොඩ සහ ඇල්පිටිය යන ප්‍රදේශයන්හි විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයන් ද ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 1,765 දෙනෙකු සඳහා වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමට ද කටයුතු කර ඇත.
විපතට පත් පුද්ගලයින් 9,571 දෙනෙකු මුදවා ගෙන ඔවුන් ආරක්ෂිත ස්ථානයන් කරා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. එමෙන්ම, ඔවුන් සඳහා අවශ්‍ය ආහාර සළාක 194,800 ක් බෙදා හැරීමටත් නාවික හමුදාව කටයුතු කර ඇත. විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැළසීම සඳහා නාවික හමුදාව තව දුරටත් කටයුතු කරමින් සිටී.




































