ජ්‍යෙෂ්ඨ නාවිකයන් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ
ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්රදානය කිරීමේ වැඩසටහනේ තවත් එක් අධියරක් අද (31) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව, 69 වන සහ 70 වන බඳවා ගැනීම් වලට අයත් ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු උදෙසා ප්‍රේශණපත් පිරිනැමීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නාවිකයන් රැසක් සහභාගී වී සිටියහ.
වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ මේ වන විට ජ්‍යෙෂ්ඨ නාවිකයන් 971 දෙනෙකු වෙත මෙකී ප්‍රතිලාභය හිමි වී ඇත.










