තල්මසුන් රැලක් සාම්පූර් වෙරළට
ත්‍රිකුණාමලය, සාම්පූර් පැරණි ජැටිය ආසන්නයේ වෙරළ තීරයට අද (31) තල්මසුන් 20 කට අධික ප්‍රමාණයක් ගොඩගසා තිබේ. සාමාන්‍යයෙන් ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මෙලෙස වෙරළ තීරයට පිහිණා එන්නේ ඉතාමත් කලාතුරකින් වන බැවින් මෙය ඉතාමත් දුර්ලභ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.
සාමාන්‍ය ශරීර ප්‍රමාණයකින් යුතු මෙම තල්මසුන් සමූහය නැවත මහ සයුර වෙත මුදා හැරීම සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් කටයුතු කර ඇත. මෙම කර්තව්‍ය සඳහා ප්‍රදේශවාසීන් විසින් ද සහයෝගය දක්වා තිබේ.


