චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
අද (31) දින, මෙරටට පැමිණි චීන සමූහාන්ඩුවට අයත් නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
ඒ අනුව මහජන චීන සමූහාන්ඩු නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, රියර් අද්මිරාල් ෂෙන් හාඕ මහතා, ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් හූ ජයි, කපිතාන් වොන්ග් හොන්ග්බින් සහ කපිතාන් ෂොව් බෝජුන් යන මහත්වරුන් මෙසේ නාවික හමුදාධිපතිතුමන් හමු වී ඇත.
එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සහ ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ආපදා සහන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සුහද පිළිසදරක ද නිරත විය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වෙයි මහතා ද සහභාගී වී සිටි අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.









