ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් කඩිනම් පරිත්‍යාග
පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් අද (31) කඩිනම් පරිත්‍යාගයන් කීපයක් සිදු කෙරිණි. ඒ අනුව, ඩිංගි යාත්‍රා 5 ක්, පිටත දහන යන්ත්‍ර 5 ක් සමග සහන කණ්ඩායමක් ගුවන් මගින් මෙරටට ගෙන එන ලදී.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් පිළිගැනීමේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා මෙම යාත්‍රා කඩිනමින් දකුණ සහ බටහිර නාවික විධානයන් වෙත බෙදා හැරීමට කටයුතු සූදානම් කර ඇති අතර, තවත් මෙවැනිම පරිත්‍යාගයක් හෙට (1) දිනයේදීත් සිදුකිරීමට නියමිතව ඇත.














