කැලණිය ප්‍රදේශයේ ඇල මාර්ග පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
කැලණිය ප්‍රදේශයේ අපවිත්‍ර වී තිබූ ඇල මාර්ග කීපයක් පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව යොදවා ඇත. ඒ අනුව ඔවුන් පසුගිය 31 වන දින සිට අද (2) දක්වා එම කාර්යයන් තව දුරටත් සිදු කරමින් සිටී. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත ඉදිරි කාල සීමාව තුළදී, අයපහත් කාලගුණික තත්ත්වයක් ඇතිවුව හොත් කැලණිය ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි ස්ථාන පිළිබඳව නාවික පුද්ගලයින් කණ්ඩායමක් විසින් මූලික අධ්‍යනයක් සිදු කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කැලණිය ප්‍රදේශීය ලේකම්, පුබුධිකා බණ්ඩාර මහත්මිය සහ එම කාර්යය මණ්ඩලය සමග පැවැත්වූ සාකච්ඡා වලදී, එහි නිලධාරීන් විසින් කැලණිය ප්‍රදේශයේ ඇති අපද්‍රව්‍ය සහ ආක්රමනික ජලඡ පැලෑටි වලින් අවහිරව තිබූ ඇල මාර්ග කිහිපයක් පෙන්වා දෙන ලදී. එමගින් ගංවතුර අවධානමක් ඇතිවිය හැකි බව ද ඔවුන් විසින් පෙන්වා දී ඇත.
ඒ අනුව, එම ප්‍රදේශයේ පිහිටි මීගහවත්ත, වීරසිංහ මාවත, තෙලඟපාත සහ ධර්මාලෝක යන ඇල මාර්ගයන් මෙසේ මාර්ග රොන් මඩ සිරවීම සහ අපද්‍රව්‍ය හා ජලජ පැලෑටි එකතුවීම හේතුවෙන් ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී තිබුණි. එසේ එක්රැස් වූ ජලය හේතුවෙන් ප්‍රදේශය පුරා දුර්ගන්ධයක් පැතිරී තිබූ අතර, රෝග ව්‍යාප්ත වීමේ අවධානමක් ද පැවතුණි.
ඒ අනුව, කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව එම ඇල මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. නාවික පුද්ගලයින් 75 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම කර්තව්‍ය සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එක්ස්කැවේටර් යන්ත්‍රයක් සහ නාවික හමුදා ඩිංගි යාත්‍රා 3 ක්ද පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදාගෙන තිබිණි.
ධර්මාලෝක මාවත ඇල මාර්ගය



මීගහවත්ත ඇල මාර්ගය






තෙලඟපාත ඇල මාර්ගය



වීරසිංහ මාවත ඇල මාර්ගය


