නාවික හමුදා මැරීන් භටයන් මොරවක ප්රදේශයේ පිරිසිදු කිරීම්වල
පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් මාතර දිස්ත්රික්කයේ මොරවක ප්රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට අයත් නාවිකයන් මේ වන විට එම ප්රදේශයේ පිරිසිදු කිරීම් වල නිරත වෙමින් සිටී.
ඒ අනුව, මොරවක නගරය ආශ්රිත ප්රදේශයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා මැරීන් බලකා සාමාජිකයන් 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇත. ඔවුහු මේ වන විට අබලන් වී ඇති ඉලුක්පිටිය, උවරගල පාලම පිළිසකර කිරීමේ කටයුතු සිදු කරමින් සිටී. තවද, ඔවුන් මොරවක, නයා මුල්ල, ගල්දොල සහ පැලවත්ත යන ප්රදේශයන්හි අපවිත්ර වී ඇති ළිං සහ මහා මාර්ග පිරිසිදු කිරීමේ කාර්යයන්හි ද නිරත වී සිටිති.















