ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රසික දිසානායක මහතාගේ සුරතින් අද (ජූනි 2) කුරුණෑගල, වැල්ලව ගම්මානයේදී ජනතා අයිතියට පත් කෙරුණි.
මෙම ජල පිරිපහදු යන්ත්‍රය ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූල්‍යමය දායකත්වය යටතේ ස්ථාපිත කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ පවුල් 625 කට සිය පානීය අවශ්‍යතාවය ලබා ගැනීමට හැකියාව උදා වනු ඇත. නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය නිෂ්පාදනය කර ඇති අතර, මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 204 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපනය කර පවුල් 101,415 කට හා පාසැල් දරු දැරියන් 75,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජලපිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.








