නාවික හමුදාවට ගුරුවරයෙක් (TEACHER TO THE NAVY) නම් කෘතිය එළි දැක්වේ
ආචාර්ය අජිත් සීඑස් පෙරේරා මහතා විසින් සම්පාදනය කළ ‘නාවික හමුදාවට ගුරුවරයෙක්’(TEACHER TO THE NAVY) නම් කෘතිය එළි දැක්වේ, උත්සවය ඊයේ (ජුනි 02) අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. නාවික හා සාගරික විද්‍යාපීඨයේ නිර්මාතෘ ලෙස සැලකෙන (උපදේශක) කොමාණ්ඩර් එම්ජීඑස් පෙරේරා මහතාගේ අභාවය වෙනුවෙන් ඔහුගේ මිතුරන් සහ සමකාලීනයන්, ශිෂ්‍යයන් විසින් රචනා කරන ලද ලිපි එකතුවකින් සමන්විත මෙම කෘතිය එතුමන්ගේ ආදරණීය පුතණුවන් විසින් සිය පියාණන් සිහිවීම පිණිස සම්පාදනය කර ඇත.
මෙම කෘතිය එළි දැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගිවූ අතර එතුමන් වෙත ප්‍රථම කෘතිය පිරිනැමීම ආචාර්ය අජිත් පෙරේරා මහතා අතින් සිදුවිය. උත්සව සභාව ඇමතු නාවික හමුදාධිපති තුමන් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හා සාගරික විද්‍යාපීඨයේ ගතකල සිය මතකය අවධිකල අතර පසුගිය කාලය මුළුල්ලේ විද්‍යාපීඨය අත්කර ගත් ක්රමික දියුණුව සම්බන්ධයෙන්ද සිහිපත් කරන ලදී. එමෙන්ම තමන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් ක්‍රියාකල කාල සීමාව පිළිබඳව සිහිපත් කළ නාවික හමුදාධිපති තුමන් මානුෂීය මෙහෙයුමේ ආරම්භක අවධියේ, එනම් 2006 වර්ෂයේ නාවික හා සාගරික විද්‍යාපීඨයට එල්ටීටීඊ කාලතුවක්කු ප්‍රහාර සම්බන්ධයෙන්ද අදහස් දැක්විය. එම ප්රහාරයන් මගින් නාවික හමුදාවේ සියලු නාවික පුද්ගලයන් එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය අධිෂ්ඨානය ස්ථිර කර ගැනීමට කටයුතු කලහ.
ඉන්දියානු හමුදා විද්‍යාපීඨය පිහිටුවීමට පුරෝගාමීවූ ෆීල්ඩ් මාෂල් සර් ෆිලිප් චෙට් වුඩ් මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් නාවික හමුදාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ රටේ ආරක්ෂාව, ගෞරවය සහ සුභසාධනය සැමවිටම පළමුවත් තමන්ගේ යටතේ සිටින පිරිසගේ ආරක්ෂාව, ගෞරවය සහ සුභසාධනය දෙවනුවත් තමන්ගේ පුද්ගලික ආරක්ෂාව, ගෞරවය සහ සුභසාධනය සැමවිටම අවසානයටත් පැමිණෙන බව. නාවික හමුදාවේ ප්‍රධානතම පුහුණු විද්‍යාපීඨය වන නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් පන්නරය ලබා ජීවිත පරිත්‍යාගයෙන් නිර්භීතව ක්‍රියාකල සියලු නාවික රණවිරුවන් මෙහිදී සිහිපත් කිරීමටද නාවික හමුදාධිපති තුමන් කටයුතු කළේය. මෙම කෘතියේ විද්‍යුත් පිටපතද මෙම අවස්ථාවේදී එළි දැක්වීම නාවික හමුදාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම උත්සවයට සමගාමීව කොමාණ්ඩර් (උපදේශක) එම්ජීඑස් පෙරේරා මහතාගේ උපන්දින ශත සංවත්සරය (ජුනි 01) සහ නාවික සාගරික විද්‍යාපීඨයේ 50 වන සංවත්සරය 1967 (ජුලි 15) වර්ෂයේදී තිබීමද විශේෂත්වයක් වේ.
මෙම උත්සව අවස්ථාව සඳහා හිටපු නාවික හමුදාධිපති වරුන් වන අද්මිරාල් ඩීබී ගුණසේකර, අද්මිරාල් ඩීඒඑම්ආර් සමරසේකර, අද්මිරාල් එච්සීඒසී තිසේරා, අද්මිරාල් ඩීඩබ්කේ සඳගිරි මෙන්ම ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ 20 වන යුධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක, ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ සහ ධජ නිලධාරීන් රාශියක් එක්ව සිටින ලදී.




















