චීන රජයට අයත් නාවික නෞකා 3 ක් කොළඹ වරායෙන් පිටත්ව යයි
පසුගිය මැයි 31 දින ශ්‍රී ලංකාවට සේන්දුවූ චීන නාවික හමුදාවට අයත් ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන් අද (ජුනි 3) දින කොළඹ වරායෙන් පිටත්ව යන ලද අතර එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත උත්තමාචාරය පුදකරන ලදී.
ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල පැවති අවධානම් තත්ත්වය හමුවේ සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී වහා ක්‍රියාත්මක වූ ඔවුන් මෙරට ජනතාවට සහන සැළසීම සඳහා ඉදිරිපත් විය. ඒ අනුව වෛද්‍ය කණ්ඩායම් පහක් (5) සහ ආපදා සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10 ක් දිවයින පුරා විපතට පත් ජනතාව උදෙසා සහන සැළසීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව කටයුතු කෙරුණි.




