කේරළ ගංජා කිලෝග්රෑම් 6 ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව හලාවත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවික පිරිසක්, මාරවිල පොලිසීයේ සහය ඇතිව (ජූනි 2) කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්රෑම් 6 ක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු මීගමුව තොඩුවාව පාලම අසල දී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පිරිස ත්රි රෝද රථ දෙකකින් කේරළ ගංජා අලෙවි කිරීම සඳහා ප්රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ත්රී රෝද රථ සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මාරවිල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


