කැලණිය ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරීමට තවදුරටත් නාවික හමුදා සහය
ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයක් හමුවේ කැලණිය ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී.
ඒ අනුව එම අවධානම් සහිත ප්‍රදේශ හඳුනා ගෙන එම ප්‍රදේශ වල ඇළ මාර්ග පිරිසිදු කිරීම සඳහා 115 කට වැඩි නාවික පුද්ගලයින් කණ්ඩායමක් මෙයට යොදවා ඇත. ඔවුහු දළුගම හන්දිය, පරණ නුවර පාර, වනාත මුල්ල, තලගහපත, මීගහවත්ත, පෑළියගොඩ, වනවාසල දුම්රිය ස්ථානය සහ දුටුගැමුණු මාවත යන ප්‍රදේශ ආශ්රිත ඇළ මාර්ග කිහිපයක් පිරිසිදු කරමින් සිටිති.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත පසුගිය ජූනි 1 වන දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ කැලණිය ප්‍රාදේශීය සභාව සහයෝගය ලබා දී තිබේ.
දළුගම හන්දිය ප්‍රදේශයේ ඇළ මාර්ගය





පරණ නුවර පාර, කැළණිය ඇළ මාර්ගය








වනවාසල දුම්රිය ස්ථානය ඇළ මාර්ගය