මුහුදේපාවෙමින් තිබූ හෙරොයින් කිලෝග්රෑ.ම් 5.5 ක් අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 41 යාත්රාවේ නාවිකයින් පිරිසක් විසින් අද ( ජුනි 09) කන්කසන්තුරයට නාවික සැතපුම්10 ක් උතුරින්වූ මුහුදු ප්රදේශයේදී සිදු කරන ලද මුර සංචාරයකදී අතහැර දමාගොස් තිබූ බෑගයක් හමුවිය. එහිදී වැඩිදුර පරීක්ෂා කිරීමේදී එම බෑගය තුල ඇසුරුම් කරන ලද පැකට් 05 ක හෙරොයින් කිලෝ ග්රෑම් 5.5 ක ප්රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.
එම හෙරොයින් ප්රමාණය නාවිකයින් විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණි.
(මීට පෙර මැයි මස 12 වන දින මෙම මුහුදු ප්රදේශයේම පාවෙමින් තිබූ හෙරොයින්කිලෝ ග්රෑම් 9.3 ප්රමාණයක් ද සොයා ගැනිමට නාවික හමුදාව සමත්විය)








