11 වෙනි රග්බි රන් මහා සටනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රීලංකා නාවික හමුදාධිපති සහභාගි වෙයි
ඩීඑස් සේනානායක විද්‍යාල කණ්ඩායම සහ මහානාම විද්‍යාල කණ්ඩායම අතර 11 වෙනි වරට පවත්වනු ලැබූ රග්බි තරඟාවලිය අද (ජුනි 09) දින හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පවත් වන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රීලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගිවූ අතර මෙම අවස්ථාව සඳහා මාස් හෝල්ඩින් ආයතනයේ සභාපති මහේෂ් අමලින් මහතාද සහභාගි විය.
මෙම තරඟයෙන් මහානාම විද්‍යාල කණ්ඩායම ලකුණු 09 ක් ලබා ගත් අතර ලකුණු 46 ක් ඩීඑස් සේනානායක විද්‍යාල කණ්ඩායම ලබා ජයග්‍රහණය හිමි කර ගන්නා ලදී.














