පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් මහනුවර සංචාරයක
නිල සංචාරයක් පිණිස ශ්රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාවුල්ලා මහතා අද උදෑසන (ජුනි 11) මහනුවර සංචාරයක නිරත විය. එහිදී එතුමන් දළදා මාළිගය වන්දනාමාන කර ගැනීමට සහ නුවර සංස්කෘතික කෞතුකාගාරය නැරඹීමටත් අවස්ථාව උදා කර ගන්නා ලදී.
පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන්ගේ මෙම සංචාරය සඳහා නාවික මාණ්ඩලික ප්රධානී කොමදෝරු ජාවෙඩ් ඉක්බාල්, කොමදෝරු අඩ්නාන් අහමඩ් සහ ශ්රීලංකා ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඉර්ෂාඩ් කාන් යන මහත්වරු සහභාගි විය.
මෙහිදී පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් දළඳා මාළිගාවේ දියවඩන නිළමේ වශයෙන් කටයුතු කරන නිලංග දෑල බංඩාර මහතා සමඟ සුහද පිළිසඳරක යෙදුනු අතර එම අවස්ථාව සනිටුහන් කරමින් තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.
මෙම අවස්ථාවට බටහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ අටිගල මහතා සහ උතුරු මැද පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්රමසිංහ යන මහත්වරුන්ද එක්විය.












