කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් 2017 ජුනි මස 10 වන දින කන්කසන්තුරේ මාවඩිපුරම් ගම්මානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි. උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ අනුග්‍රහය මත එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.
මාවඩිපුරම් ආදර්ශ ගම්මානයේ නැවත පදිංචි කළ සිවිල් පුද්ගලයින් 215 කට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය.
ඒ අනුව මෙම වැඩසටහන් මගින් බරපතල රෝගාබාධ,සහ නිදන්ගත රෝග සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් ගෙන් ප්‍රථිකාර ලබා ගැනීමට හැකියාව උදා විය. එම පරීක්ෂාවන් වලදී විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රෝගීන් යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට ද එහිදී කටයුතු කෙරිණි. මෙම වෛද්‍ය සායනය මගින් රෝගීන් වෙත නිකුත් කළ ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතන විසින් නොමිලේ ලබා දෙන ලදි.









