පාකිස්ථානු නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් බැහැදකී
තෙදින නිළ සංචාරයක් සදහා ලංකාවට පැමිණ සිටින පාකිස්තාන නාවික හමුදාධිපති මොහොමඩ් ශකාවුල්ලා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (ජුනි 12) දින නාවික හමුදා මූලස්ථානයේදී බැහැ දකින ලදි. එහිදී නාවික සමිප්රදායානුකූලව ආචාර සමිමාන මුරයකින් එතුමන්ව පිළිගන්නා ලදී.
පාකිස්ථානු නාවික හමුදාධිපතිතුමන් සමගින් එතුමන්ගේ ප්‍රධාන ලේකම් කොමදෝරු ජාවේඩ් ඉක්බාල් සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඉර්ෂාඩ් කාන් යන මහත්වරු මෙම අවස්ථාවට එක්විය.
එහිදී ද්විපාර්ෂවික වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් අදහස් හුවමාරු කරගත් අතර දෙරටෙහි පවතින දිගු කාලීන මිත්‍රත්වය පිලිබඳව සිහිපත් කරණ ලදී. තව දුරටත් එම මිතුදම සහ සහයෝගීතාව පවත්වා ගනිමින් ඉදිරි කටයුතු පවත්වා ගන්නා ආකාරයද ඔවුන්ගේ සාකච්ඡාවට බඳුන් විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
















