නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ජුනි මස 11 දින තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු බෝල්ඩර් පොයින්ට් අසල මුහුදු ප්රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රාවක් , පිටත දහන යන්ත්රයක්, තහනම් දැලක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණයක් සහ පාවරල් යුගලක් ද මාළු කිලෝග්රෑම් 63.4 ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලී සහකාර ධීවර අධ්යක්ෂක මගින් කුච්චවේලී පොලීසියට වෙත භාර දීමට කටයුතු කරන ලදී.





