ඩයලොග් අන්තර් ක්රීඩා සමාජ සත් සාමාජික රග්බි ශුරතාව නාවික හමුදාවට
ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලිය පසුගිය (ජූනි 11) වන දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී පැවති අතර, නාවික හමුදා ඉතිහාසයේ ප්රථම වතාවට එහි ජයග්රාහී කුසලානය හිමි කර ගැනීමට සමත් විය. එහිදී සීආර් සහ එෆ්සී කණ්ඩායම ලකුණු 21 කට 17 ක් ලෙස පරාජයට පත් විය.
නාවික කණ්ඩායමේ පිඑල්එස් ධනංජය, එන්කේවිබි පියරත්න සහ කේඒසි චන්දිමාල් එක් උත්සාහක දිණුම බැගින් ලකුණු ලබාගත් අතර, කණ්ඩායම් නායක තිළිණ වීරසිංහ විසින් දුන් ප්රවර්තන අවස්ථාවන් 3 හි සාර්ථකත්වය මත නාවික කණ්ඩායමට ජයග්රහණය හිමි විය. එමෙන්ම තරඟාවලියේ හොඳම ක්රීඩකයා බවට පත් වීමට එන්කේවීබී පියරත්න ක්රීඩකයා සමත් වන ලදී.
නාවික හමුදා කණ්ඩායමේ නායකත්වය තිළිණ වීරසිංහ දරණ අතර එහි අනෙකුත් සාමාජිකයින් වශයෙන් ජේඒඑන් ප්රසාද්, එම්කේ තිසේරා,එම්ඩීසි ප්රනාන්දු, පීඑල්එස් ධනංජය, එන්කේවීබී පියරත්න, කේජිසි චන්දිමාල්, ඩීඑස් හඳපාන්ගොඩ, අයිපීආර්බී ධර්මපාල, ඩබ්ඒඑස් ඩිල්ෂාන්, එච්එම්එල්එල් හේරත් සහ මොහොමඩ් අබ්ශාල් කටයුතු කරනු ලබයි.





