ආපදාවකට ලක් වූ ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
ආපදාවකට ලක්ව උතුරු මුහුදේ අතරමංව තිබූ ‘සුදීප’ නැමති ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (ජුනි 15) සහාය විය. පසුගිය 14 වන දින ධීවරයින් 3 දෙනෙකු සමග මෙම යාත්‍රාව ගුරුනගර් ධීවර වරායෙන් පිටත්ව ඇති අතර, යාත්‍රාවේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ආපදාව සිදුව ඇත.
ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාව ඔවුන් මුදවා ගැනීමේ කටයුතු සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. එහිදී ඩෙල්ෆ් දූපතට නාවික සැතපුම් 5 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාව සහ ධීවරයින් මුදවා ගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට නාවිකයෝ සමත් වූහ.
ඉන් අනතුරුව, ධීවර යාත්‍රාවේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ද නාවික හමුදා සහාය ලබා දී ඇත.



