නාවික හමුදා මැරීන් භටයින්, එක්සත් ජනපද නාවික හමුදාවත් සමඟ ආපදා සහන කටයුතු වල
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකායට අයත් නාවිකයන් සමග එක්ව ඊයේ (ජුනි 15) ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල නිරත වූහ.
ඒ අනුව නාවික මැරීන් බළකායට අයත් නාවිකයින් 12 දෙනෙක් සහ එක්සත් ජනපද නාවිකයින් 58 දෙනෙකු එක්ව ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මල්ලිකා නවෝද්‍යා පාසල සහ මාපලගම මධ්‍ය මහා විද්‍යාලය පිරිසිදු කරන ලදි. ඒ හා සමගාමීව මැරීන් නාවිකයින් 40 දෙනෙකු සහ එක්සත් ජනපද නාවික පුද්ගලයින් 64දෙනෙකු මාතර, තිහගොඩ ප්‍රදේශයේ වැව් බැමි ප්‍රතිසංස්කරණය කර ඒ අවට පිරිසිදු සිදු කරන ලදී.
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාව දෙසතියක පශ්චාත් ආපදා සහන සැලසීම සඳහා පසුගිය (ජුනි 11) කොළඹ වරායට පැමිණි අතර, ඉදිරි දින කීපය තුළ ද ඔවුන් ආපදාවට ලක් වූ ප්‍රදේශවල සහන කටයුතු වල නිරත වීමට නියමිතය.








