කේරළ ගංජා කිලෝග්‍රෑම් 142 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම දිසා මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ සහය ඇතිව සිලාවතුර, කරදක්කුලිය, මරිච්චිකට්ටි වෙරළ තීරයේ සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 142 ක් සමඟ පුද්ගලයෙකු අද (ජූනි 16) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී. යතුරු පැදියකින් මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


