රත්නපුර, අයගම පාලම ජනතා අයිතියට පත් කෙරේ
පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ විනාශ වූ රත්නපුර, අයගම ප්‍රදේශයේ මැද ගලතුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කවිට්ටිගොඩ, වැලමීරිය සංගිලි පාලම ප්‍රතිසංස්කරණය කර, අද (ජූනි 16) උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කරන ලදි.
කළු ගගේ අතු ගංගාවක් වන ගලතුරේ ගඟ හරහා ඇති මෙම පාලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලෙස නාවික හමුදාධිපතිතුමා විසින්, උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව, ජූනි මස 03 වන දින සිට 15 වන දින දක්වා දින 13 ක් වැනි කෙටි කාල සීමාවක් තුළ මීටර් 38 කින් දිගින් යුත් මෙම පාලමේ සියළු ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබිණි.
මෙම මහඟු කර්තව්‍යයට උරදුන් නැව්බද කාර්මික සහ සිවිල් ඉංජිනේරු අංශයේ නාවික පුද්ගලයන් හට මෙන්ම නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන, සමස්ථ නාවික හමුදාවට ප්‍රදේශ වාසීන්ගේ ස්තුතිය හිමි වූ අතර, එම ක්‍රියාව ඔවුහු මහත් ඉහළින් අගය කරනු ලැබූහ. ඉදිරියේදීත් මෙවැනි සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.
එම අලුත්වැඩියා කරන ලද පාලම ශ්‍රී ලංකා නාවික හමුදාව අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් නිලන්ත ප්‍රේමසිරි මහතා විසින් විවෘත කරන ලද අතර ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්ද, ප්‍රදේශයේ ආගමික නායකයින් හා ජනතාව විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.
තවද ආපදාවට ලක් වූ තවත් පාලම් 11 ක් පිළිසකර කිරීම සඳහා නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් මගින් සිය දායකත්වය ලබා දී ඇත.














