නාවික හමුදා මැරීන් භටයින් එක්සත් ජනපද නාවික හමුදාවත් සමග පශ්චාත් ආපදා සහන කටයුතුවල
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි යුද නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් නාවිකයින් සමග එක්ව බස්නාහිර හා දකුණු පළාත් වල ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් මානුෂීය උපකාර කටයුතු වල නිරත වෙමින් සිටි.
ඒ අනුව මෙම මස 12 දින සිට ආරම්භ කරන ලද මානුෂීය උපකාර යටතේ පාසැල් 04 ක් පිරිසිදු කර අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි වන ලෙසත් ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් ළිං 324 ක් පිරිසිදු කර දීම මෙන්ම ගං වතුරින් ආපදාවට ලක් වූ වැව් බැමි 4 ක් පිළිසකර කරන ලදී.
එක්සත් ජනපද ඊරි නෞකාව දෙසතියක පශ්චාත් ආපදා සහක සැලසීම සඳහා පැමිණි අතර ලබන 25 දින කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිත වේ.





