ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ තාරකා ඉබ්බන් 2089 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ක්රියාත්මක වූ වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) කල්පිටිය, ඉප්පන්තිව් සහ සින්න අරිච්චාල් අතර මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්රාවක් මගින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ ජීවී තාරකා ඉබ්බන් 2089 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, තාරකා ඉබ්බන්, ඩිංගි යාත්රාව සහ අනෙකුත් ආම්පන්න කල්පිටිය, ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට රැගෙන ඒමෙන් අනතුරුව, ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු රේගු නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.








