ඩයලොග් අන්තර් ක්රීඩා සමාජ රග්බි ශුරතා තරඟාවලියේ දෙවන අධියරේ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි
ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ 2017 දෙවන අධියරේ තරඟ ඊයේ (17) සහ අද (18) යන දෙදින වැලිසර ශ්රී ලංකා නාවික හමුදා ක්රීඩා පිටියේදී පැවැත්වූ අතර, එහි ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාව සමත් විය.
ඒ අනුව, නාවික හමුදා ‘වේව් රයිඩර්ස්’ රග්බ් කණ්ඩායම යුද හමුදා ‘කෝල්ට්ස්’ කණ්ඩායම 7 ට 0 ක් ලෙස පරාජයට පත් කරමින් එහි කුසලාන ශූරතාවය දිනා ගත් අතර, නාවික හමුදා ‘සී හෝස්’ රග්බි කණ්ඩායම, 17 ට 12 ක් වශයෙන් යුද හමුදා ‘කෙටරියන්ස්’ කණ්ඩායම පරාජයට පත් කරමින් එහි ඵලක ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. තරඟාවලියේ දක්ෂතම ක්රීඩකයාට හිමි කුසලානය දිනා ගැනීමට බල නාවික එල්එල් වික්රමසිංහ හට හැකියාව ලැබිණි. මේ සඳහා ක්රීඩා සමාජ 14 ක් නියෝජනය කරමින් රග්බි කණ්ඩායම් රාශියක් සහභාගී වී සිටියහ.
තවද, මෙම රග්බි තරඟාවලියේ පළමු කාණ්ඩයේ තරඟ පසුගිය 11 වන දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී පැවත් වූ අතර, එහිදී නාවික හමුදා ඉතිහාසයේ ප්රථම වතාවට ජයග්රාහී කුසලානය හිමි කර ගැනීමට නාවික හමුදා රග්බි කණ්ඩායම සමත් වීම විශේෂ කරුණක් ලෙස ද දැක්විය හැක.






