රුපියල් මිලියන 2.1 ක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව අද (19) සිදු කළ වැටලීමකදී කොළඹ ඉගුරුකඩේ මංසන්දියේදී අන්තරාදායක මත්ද්‍රව්‍යයක් වන හෂීෂ් මත්කුඩු කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් මිලියන 2.1 ක වටිනාකමකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙසේ අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් පුද්ගලයන්, යතුරු පැදිය සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පෑලියගොඩ පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.



