ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අද (23) රාත්‍රියේ, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
පේදුරුතුඩුවට ගිණිකොණ දෙසින්, නාවික සැතපුම් 17 ක් පමණ දුරකදී එම තහනම් පන්න ක්‍රමය උපයෝගී කර ගනිමින් ධීවර කටයුතු වල නිරත වී සිටියදී, දෛනික මුර සංචාරයෙහි නියුතු, අදාල වේග ප්‍රහාරක යාත්‍රාව මගින් මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්, යාත්‍රාවන් සහ අනෙකුත් භාණ්ඩ කන්කසන්තුරය ශ්‍රීලංනානෞ උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.



