ප්‍රංශ නාවික හමුදා ‘මිස්ට්‍රල්’ සහ ‘කෝබට්’ නෞකාවන් කොළඹ වරායෙන් පිටත්ව යයි
සුහද සංචාරයක් සඳහා පසුගිය 20 වන දින මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘මිස්ට්‍රල්’ සහ ‘කෝබට්’ යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජුනි 26) කොළඹ වරායෙන් පිටත්ව යන ලදී. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදුකරන ලදී.
මෙම නෞකාවන් දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහන් රාශියකට සහභාගි විය. ඒ අනුව, ඔවුන් නාවික හමුදා මැරීන් භටයන් සහ කිමිදුම් අංශයේ නාවිකයන් සමග නාවික අභ්‍යාසයන් කීහිපයක් සිදු කරන ලදී. තවද, වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් සමග සුහද ක්‍රීඩා තරඟ රාශියකට ද එම නෞකාවන්ගේ නැව් මුළුව සහභාගී වූහ.





