ලිප්ටන් කුසලාන රුවල් යාත්රා තරඟාවලියේ ජයග්රහණ රැසක් නාවික හමුදාවට
කොළඹ රාජකීය රුවල් යාත්රා සමාජය මගින් සංවිධානය කරන ලද “ලිප්ටන් කුසලාන රුවල් යාත්රා ශූරතාවලිය - 2017” රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 24 වන දින බොල්ගොඩ ජලාශයේදී පැවැත් වූ අතර, එහිදී ජයග්රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්රා කණ්ඩායම් සමත් විය.
මෙම තරඟාවලිය සඳහා විවිධ ක්රීඩා සමාජයන් නියෝජනය කරමින් රුවල් යාත්රා 43 ක් සමග තරඟකරුවන් 51 දෙනෙකු පමණ සහභාගී වී සිටියහ. ඒ අනුව, තරඟාවලියේ විවෘත අංශයේ පළමු ස්ථානය, සිව්වන ස්ථානය හා හයවන ස්ථානයේ සිට අට වන ස්ථානය දක්වා දිනා ගැනීමට නාවික හමුදා රුවල් ඔරු කණ්ඩායම් සමත් වී ඇත. තවද, එන්ටප්රයිස් අංශයේ පළමු, දෙවන හා තෙවන ස්ථාන සහ ලේසර් අංශයේ පළමු හා දෙවන ස්ථාන ද දිනා ගැනීමට නාවික හමුදා රුවල් ඔරු සංචිතයේ ක්රීඩක ක්රීඩිකාවන් හට හැකියාව ලැබිණි.




