ගංවතුර පාලන සහ ජල කළමණාකරන මධ්‍යස්ථානය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට නියමිත ගංවතුර පාලන සහ ජල කළමණාකරන මධ්‍යස්ථානය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ (28) මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ දී පැවැත්විණි. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.
රුපියල් මිලියන 400 ක පිරිවැයක් දරමින් ඉදිකිරීමට නියමිත මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතව ඇත. මෙමගින් වර්ෂාපතනය, ගංවතුර අවධානම සහ ජල ගැල්මක් වේ නම් එහි ධාරිතාවය පිළිබදව ද නිවරදි තොරතුරු මහජනතාවට ලබා දීමට අපේක්ෂා කෙරේ. එමගින් අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ ජල ගැලීම් මගින් සිදුවිය හැකි ජීවිත සහ දේපල හානි අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, අසේල ඉද්දවෙල මහතා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.




