නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (01) ත්රිකුණාමලය නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්රදේශයේදී නීති විරෝධී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක් සහ මීටර් 225 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්රිකුණාමලය සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.




