නාවික හමුදා මැරීන් බලඝණයේ නිල් තල්මසා III අභ්‍යාසය සාර්ථකව නිම කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණයේ දෙවන බල ඇණියේ නාවික පුද්ගලයින් විසින් සිය පාඨමාලාවේ අවසන් පුහුණු අභ්‍යාසය වන නිල් තල්මසා III, භූ ජල තරණ අභ්‍යාසය අද (ජුලි 12) සාර්ථක ලෙස නිම කරන ලදි.
නැගෙනහිර නාවික විධානයට අයත්, තිරියාය ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයට ආසන්න සාගරපුර වෙරළ තීරයේ පැවැති මෙම අභ්‍යාසය සඳහා නාවික හමුදාවේ මැරීන් බලඝණයේ නාවික පුද්ගලයින් 159 දෙනෙකු සහභාගී විය. මෙම බලකාය විශේෂ පුහුණුවක් ලැබූ, සුවිශේෂී හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ඉතා ශක්තිමත් නාවික බලකායක් ලෙස සහ ක්‍රියාන්විතයන් හිදී, ඕනෑම වෙරළ තීරයකට ගොඩ බැස සාගරයෙන් සහ ගොඩබිමින් පැමිණෙන ඕනෑම සතුරු බලවේගයකට විශ්මිත අයුරින් පහර දීමේ හැකියාවකින් යුක්තය. මේ සඳහා නාවික හමුදාවේ එල් 821 යාත්‍රාව, වේග ප්‍රහාරක යාත්‍රා 4 ක්, වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් සහ වෙරළාරක්ෂක මුර යාත්‍රා (IPC) 8 ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ F7 ප්‍රහාරක ගුවන් යානය සහ MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානය ද එක් විය.
මෙම අභ්‍යාසය නිරික්ෂණය කිරිම සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා, අධ්යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම් කොමාදෝරු යුඅයි සේරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගි වි සිටියහ.











