නාවික හා සාගරික විද්‍යාපීඨ සංඥා පාසලේ ප්‍රායෝගික පන්ති කාමරය විවෘත කෙරේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංඥා පාසලේ අභිනවයෙන් ඉදි කරන ලද ප්‍රායෝගික පන්ති කාමර විවෘත කිරීම අද (13) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් සිදු කෙරිණි.
මෙම පන්ති කාමරය, ගුවන් විදුලි පණිවිඩ හුවමාරු, බහු සම්ප්‍රේෂණ කටයුතු, ප්‍රක්ශේපන යන්ත්‍ර ක්‍රියා කරවීම ඇතුළු සංඥා අංශයේ නාවික පුද්ගලයන්ගේ ප්‍රායෝගික දැනුම මැනවින් වර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් වලින් යුක්තය. තවද, නෞකා සහ යාත්‍රා සමූහයක් අතර එකවර සංඥා සම්ප්‍රේශණ කිරීම සිදු කරන ආකාරය ප්‍රායෝගිකව අධ්‍යනය කිරීම සඳහා පණිවිඩ සම්ප්‍රේණය යන්ත්‍ර 19 කින් සමන්විත නවීන පන්නයේ ප්‍රායෝගික පුහුණු ආයතනයක් ලෙස ද මෙය හදුන්වා දිය හැක.
මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා මහතා, කොමදෝරු කස්සප පෝල් මහතා, සංඥා පාසලේ වත්මන් අණභාර නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) රංගන ලක්මාල් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් රැසක් ද සහභාගී වී සිටියහ. එම අවස්ථාව සනිටුහන් කරමින් සංඥා පාසලේ ප්‍රධාන උපදේශක, සමූහ ප්‍රධාන සුළු නිලධාරී (සංඥා) එච්එම්ඩබ්එස්කේ හේරත් මහතා විසින් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති තුමන් හට සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.







