නීති විරෝධී ලෙස මෙරට මුහුදු සිමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්රහාරක යාත්රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජූලි 16) කෝවිලන් මුහුදු ප්රදේශයට වයඹ දෙසින්, නාවික සැතපුම් 9 ක් පමණ වූ ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ඔවුන්ට අයත් ධීවර යාත්රාවක් (DHOW) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ධීවර යාත්රාව සහ අනෙකුත් ආම්පන්න එළාර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට නියමිතය.



