නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) නච්චිකුඩා ප්රදේශයට අයත් මුහුදු සීමාවේ තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
තවද, ඔවුන්ට අයත් ඩිංගි යාත්රා 2 ක්, වල්ලමක් සහ ධීවර කටයුතු සඳහා යොදා ගත් තහනම් දැල් 6 ක්ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන්, ධීවර යාත්රා සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



