‘අන්තර් සමාජ සුපර් සෙවන්ස්’ කාන්තා රග්බි ශූරතාවලියේ ජයග්‍රහනය හිමි කර ගත් නාවික හමුදා කණ්ඩායම නාවික හමුදාධිපතිතුමාගේ විශේෂ ඇගැයුමට
‘අන්තර් සමාජ සුපර් සෙවන්ස්’ කාන්තා රග්බි ශූරතාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් එම කණ්ඩායමට සුභ පැතුම් එක් කළ අතර, ඔවුන් දැක්වූ දක්ෂතා අගයකරනු වස් ඔවුන්ට මුදල් ත්‍යාග ප්රදානය කිරීම ද නාවික හමුදාධිපතිතුමන් අතින් එහිදී සිදු කෙරිණි.
එම අවස්ථාව සඳහා නාවික හමුදා රග්බි සංචිතයේ සභාපති, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා, රග්බි සංචිතයේ ලේකම්, කපිතාන් බුද්ධික ලියනගමගේ මහතා, නාවික හමුදා රග්බි කණ්ඩායම් පුහුණුකරු, එම් ජයතිලක මහතා සහ ක්‍රීඩා කටයුතු සම්බන්ධීකරණ නිලධාරී, ලුතිනන් ඩබ්ඒ පද්මසිරි මහතා ද සහභාගී වී සිටියහ.
මෙම තරඟාවලිය පසුගිය ජූලි 08, 09 සහ 15, 16 යන දිනයන් හිදී පිළිවෙලින් මහනුවර, නිත්තවෙල සහ කොළඹ තුරඟ තරඟ යන ක්‍රීඩා පිටි වලදී පැවැත්විය. එහි අවසන් වටය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පිල සහ නාවික හමුදා පිල සුදුසුකම් ලැබූ අතර, එම තරඟයෙන් ලකුණු 41 ට 5 ක් වශයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායමට හැකි විය.



