ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ඉදි කිරීම් රැසක් නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.
ත්‍රිකුණාමලයේ සාම්පුර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ විවෘත කිරීම් රැසක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි විය. එහිදී ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ නිලධාරී නිවස්නය, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්ගේ නිවාස සහ පරිපාලන ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමන් අතින් අද (ජූලි, 29) විවෘත කරන ලදි.
තවද, නාවික හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ස්ථාපිත කරන ලද මැරීන් බලඝණයේ පුහුණු සහ පරිපාලන කටයුතු සඳහා සිව් මහල් ගොඩනැගිල්ලක්ද මෙම ආයතනයේ විවෘත කෙරිණි. ඒ අනුව ඉදිරියේදි මැරීන් බලඝණයේ පුහුණු සහ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ සිදු කර ගෙන යාමට නියමිතය. තවද, නාවික හමුදාධිපතිතුමන් නාවික පුද්ගලයින් අමතා ඉතා උසස් අන්දමින් මෙම ඉදිකිරිම් නිම කිරිමට දායකත්වය දැක්වු නාවික පුද්ගලයින් වෙත ප්‍රශංසාව පුද කෙරිණි.
එම අවස්ථාව සඳහා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාධිපතිගේ ලේකම් සහ නාවික ලේකම්, අධ්යක්ෂ ජෙනරාල් (අයවැය සහ මුදල්), රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා, අධ්යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම් කොමදෝරු යුඅයි සේරසිංහ මහතා සහ මැරීන් බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ඉන්දික විජේරත්න මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ නාවිකයන් රැසක් ද එම අවස්ථාවට එක් වු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
















