ඉන්දියානු දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
ඉන්දියානු දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ඒආර් කර්ව් මහතා අද (අගෝස්තු 2) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමා වෙත පිරිනැමීය. බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත එතුමා උණුසුම් අයුරින් පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහභාගී වී සිටියහ.
ඉන් අනතුරුව, වයිස් අද්මිරාල් කර්ව් මහතා, නාවික හමුදාධිපතිතුමා හමුවී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කථාබහක නිරත විය. පසුව, නාවික හමුදා අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේදී සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගී වූ එතුමන්, නාවික හමුදාධිපතිතුමා ඇතුළු නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් සමග නිල සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී, ඔවුන් උපායමාර්ගික නාවික සම්බන්ධතා ඇතුළු වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.













