නාවික හමුදා රුවල් යාත්රා සංචිතයට ජයග්රහන රැසක්
ජාතික රුවල් යාත්රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘Dunlop Bell Sailing Championship – 2017’ රුවල් යාත්රා තරඟාවලිය පසු ගිය ජූලි මස 23 වන දින බොල්ගොඩ ජලාශයේ දී පැවැත්විණි. සිව් වන වරටත් නොකඩවා එම තරඟාවලියේ ජයග්රහණය අත් කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ ප්රධාන සුළු නිලධාරී ඩබ්ඒආර් නිශාන්ත සමත් විය.
මෙම තරඟාවලිය සඳහා රුවල් යාත්රා සමාජයන් නියෝජනය කරමින් රුවල් යාත්රා 29 ක් සමග තරඟකරුවන් 40 දෙනෙකු සහභාගි වී සිටියහ. එහිදී ජීපී 14 අංශයේ ප්රථම හා දෙවන ස්ථාන, එන්ටර්ප්රයිස් අංශයේ ප්රථම, දෙවන හා තෙවන ස්ථාන සහ ලේසර් අංශයේ ප්රථම, දෙවන හා තෙවන ස්ථානය දිනා ගැනීමට නාවික හමුදා රුවල් ඔරු සංචිතයට හැකි විය.











